නවදිල්ලියේ පාසල් සහ අධ්‍යාපන ආයතන වැසෙයි…
වායූ දූෂණය සීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් ඉන්දියාවේ අගනගරය වන නවදිල්ලියේ පාසල් සහ අධ්‍යාපන ආයතන නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ.
ඉදිකිරීම් කටයුතු ද නොවැම්බර් 21 වනදා තෙක් තහනම් ය.
නමුත් ප්‍රවාහන සහ ආරක්ෂක අංශ සම්බන්ධ ව්‍යාපෘති සඳහා අවසර ලබාදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
නවදිල්ලි නගරයේ ගල්අඟුරු බලාගාර 11 පිහිටා ඇති අතර ඉන් ක්‍රියාත්මක වීමට අවසර දී ඇත්තේ 5කට පමණි.
පසුගියදා පැවති දීපාවලි උත්සවයෙන් අනතුරුව එම ප්‍රදේශය විෂ දුමාරයෙන් වැසී ගියේය.
ලොව වායු දූෂණය වැඩිම නගරය ලෙස නවදිල්ලිය සලකනු ලබයි.
උපුටා ගැනීම: අද දෙරණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)