නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාවට නැංවීමට නව අධ්‍යාපන කාර්ය සාධන බළකායක්…
දැනුමෙන් පිරිපුන් පුරවැසියන් සහිත සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා සියලු පාර්ශවකරුවන් සහ ආයතන සමග සම්බන්ධීකරණයෙන් යෝග්‍ය වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සැපයීම සඳහා අධ්‍යාපන කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අතිගරු ජනාධිපතිතුමන්ගේ නිර්දේශයට අනුව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පියවර ගෙන ඇති අතර, ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ. එම කාර්ය සාධන බළකායේ නිලධාරීන් සඳහා අදාළ පත්වීම් ප්‍රදානය අද (14) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙම කාර්ය සාධන බළකාය අධ්‍යාපන, සෞඛ්‍ය වෘත්තීය අධ්‍යාපන සහ මාධ්‍ය යන විවිධ ක්ෂේත්‍රයන්හි විෂය විශේෂඥයින්ගෙන් සමන්විත වන අතර, එහි කණ්ඩායම් ප්‍රධානී ලෙස ආචාර්ය එම් උපාලි සේදර මහතා පත්කර ඇත. ආචාර්ය පී . එන් මීගස්වත්ත, මහාචාර්ය සුදන්ත ලියනගේ, මහාචාර්ය එම් ඩී ළමාහේවා, මහාචාර්ය ඩබ්ලිව් ඩී කුලරත්න, හිටපු අධ්‍යාපන අතිරේක ලේකම් එස්. යූ විජේරත්න, මහාචාර්ය රස්නායක එම් මුදියන්සේ, ආචාර්ය හර්ෂ අලස්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් විෂය භාර අතිරේක ලේකම් ආචාර්ය මධුරා වේහැල්ල, මහාචාර්ය නාරද වර්ණසූරිය, මහාචාර්ය නාරද වර්ණසූරිය, ආචාර්ය ටී ඒ පියසිරි මහතා ඇතුළු නිලධාරීන් 12 දෙනෙක් මෙම කාර්ය සාධන බළකායේ රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුව යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීමට වැඩසටහන් සම්පාදනය, ක්‍රමෝපායන් හඳුනාගැනීම, ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද හඳුනාගැනීම, අන්තර් ආයතනීය සම්බන්ධීකරණය, නියාමනය, ප්‍රතිපෝෂණය සැපයීම ඇතුළු කාර්යයන් රැසක් මෙම කාර්ය සාධන බළකායේ සාමාජිකයන්ට පැවරේ.
නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තවදුරටත් සුරක්ෂිත කොට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ග්‍රාමීය පාසල් වැසීයාම වළක්වමින් ඒවායේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, නවීන තාක්ෂණය ඇතුළු පහසුකම් එම පාසල්වලට සැපයීම, ප්‍රාථමික ශ්‍රේණි සඳහා ගුරු සහායකයින් පාසල්පාදක ව බඳවාගැනීම, ත්‍රෛභාෂා අග්‍රගන්‍ය ජාතික පාසල් 20ක් දිස්ත්‍රික්ක පදනමින් පිහිටුවීම, අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිසංස්කරණ, ගුරු මාරු ප්‍රතිපත්තියට අදාළ නෛතිකමය සංශෝධන, විෂය මාලා සංවර්ධනය, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය, සිසුදරුවන්ගේ සෞඛ්‍යය, පෝෂණය, හා ආරක්ෂාව සහතික කෙරෙන ඵලදායී වැඩසටහන් දියත්කිරීම, ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා ඉහළ නැංවීම, ඇතුළු නව අධ්‍යාපන යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට අදාළ නිර්දේශ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙම කාර්යසාධන බළකාය ප්‍රමුඛ කාර්යභාරයක යෙදී උපරිම සහයෝගය තමා වෙත ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පත්වීම්ලාභී කාර්ය සාධන බළකායේ නියෝජිතවරුන් හමුවේ සඳහන් කළේය.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)