නව අධ්‍යාපන ලේකම්තුමන් වැඩ භාර ගනී…
අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩිනමින් විසඳිය යුතු ගැටලු ලබන දෙසැම්බර් වන විට යථා තත්වයට පත් කිරීමට අපේක්ෂා කරනවා…(අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත)
විභාග පැවැත්වීම, ප්‍රතිඵල නිකුත් කිරීම, පෙළපොත් බෙදා දීම, විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි නිසි කලට සිදු විය යුතු අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු ලබන දෙසැම්බර් මස වන විට යථා තත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දින (25) අධ්‍යාපන ලේකම් එම්. නිහාල් රණසිංහ මහතා අධ්‍යාපන ලේකම් ධුරයේ වැඩ භාරගත් අවස්ථාවට එක් වෙමිනි.
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙවන් ආර්ථික අපහසුතා සහිත අවස්ථාවක දරුවන්ට දිවා ආහාරය ලබා දීම මෙන් ම පිරිවෙන් අංශයේ කාර්යන් යථාවත් කිරීමත් ඉතා විධිමත් ව හා කඩිනමින් සිදු කළ යුතු බව පැවසී ය.
රටක පරිපාලන ව්‍යුහය සකස් වී ඇත්තේ යම් ක්‍රමවේදයකට බවත් ඉන් බැහැර වූ විට අතුරු ප්‍රශ්න පැනනගින බවත් ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ද විධිමත් ක්‍රියාපටිපාටීන්ට අනුකූල ව එම පරිපාලන ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේ ය.
අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාවට අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද එක් ව සිටියහ.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)