නව කොරෝනා වෛරසය රටවල් 60 ඉක්මවයි…

මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයන් හමුවන රටවල් ප්‍රමාණය ඉහළ යෑම වාර්තා වෙයි අද තවත් රටවල් හයකින් නව කොරෝනා ආසාදිතයන් වාර්තා විය. ඒ අනුව මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් ගණන 60 ඉක්මවා ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 2,967 කි.
ලෝකයේම 86,000 ක් ට වැඩි පිරිසක් අද වන විට නව කොරෝනා වෛරසයට ගොඳුරු වී තිබේ. එය පැතිර යාම ආරම්භ වූ චීනයේ ගෙවුණු පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 573 දෙනකු වාර්තා වී ඇති අතර අලුතින් වාර්තා වී ඇති මරණ ගණන 2873 කි.
මතු වූ මෙම තත්වයත් සමඟ චීනයේ කාර්යබහුල නගර ගණනාවක් නිරෝධායනය කිරීම හේතුවෙන් එරට වායු දූෂණය පහත වැටී ඇති බව නාසා ආයතනය සිදු කළ පරීක්ෂණයකින් හෙළි වී තිබේ. චීනයට පසු වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙනි.
ගතවූ පැය 24 තුලදී දකුණු කොරියාවෙන් අලුතින් හමු වී ඇති ආසාදිතයන් ගණන 813 කි. මේ හේතුවෙන් සියලුම පුරවැසියන්ට හැකිතාක් දුරට නිවෙස් තුළටම වී සිටින්නැයි දකුණු කොරියානු රජය දැනුම් දී සිටියි.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)