නව නිපැයුම් හරහා රටට අභිමානය එක්කරන දරුවන්ට අධ්‍යාපන අමාත්‍යතුමන්ගෙන් සුබපැතුම්…
නව නිපැයුම් සඳහා පාසල් දරුවන් යොමුවීමේ ප්‍රවණතාව රටේ සුබ අනාගතයට ඉමහත් බලාපොරොත්තු දල්වන්නක් බව අධ්‍යාපන, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අමාත්‍යවරයා හමු වූ නව නිපැයුම් කළ සිසුදරුවන් දෙදෙනෙකුට සිය සුබපැතුම් පිරිනමමිනි.
රුධිරය ලබාගැනීමකින් තොරව රුධිර සීනි මට්ටම හඳුනාගැනීමේ උපකරණයක් රටට හඳුන්වා දුන් වවුනියාව සෛවප්‍රකාශ කාන්තා විද්‍යාලයේ රෝහිතා පුෂ්පදේවන් ශිෂ්‍යාවට සහ හෙලිකොප්ටර් යන්ත්‍රයක ආකෘතියක් නිපදවූ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණ අංශයෙන් ඒ එල් තරුෂික දිලන්ත ශිෂ්‍යයාට ඔවුනගේ හැකියාවන් අගය කරමින් ස්වකීය සුබපැතුම් එක් කළ අමාත්‍යවරයා ඔවුන්ගේ අනාගත ජයග්‍රහණ වෙනුවෙන් ආශිර්වාද කළේය.
එමෙන්ම පසුගිය යුද සමයේ දී පියා අහිමි වීමෙන් පසු ඉමහත් ආර්ථික ගැටළුවලට මුහුණ දෙමින් තම දියණියගේ අනාගතය ආලෝකමත් කිරීමටත් ඇගේ මෙම නව නිපැයුම් හැකියා දිරිගැන්වීමටත් ඇපකැප වන රෝහිතා පුෂ්පදේවන් දැරියගේ මවට සහ බොහෝ ආර්ථික දුෂ්කරතා මධ්‍යයෙහි තම දරුවාගේ ඉදිරිගමනට ශක්තියක් ලබාදෙන හෙලිකොප්ටර් යන්ත්‍රයක ආකෘතියක් නිපද වූ තරුෂික දිලන්ත දරුවාගේ පියාට ද ඔවුන්ගේ සුදුසුකම් සලකා බලා ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ රැකියා අවස්ථා ලබාදීමේ හැකියාව සොයාබලන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ ය.
උපුටා ගැනීම : අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)