නව ප්‍රධාන බාලදක්ෂක කොමසාරිස් මේජර් ජනරාල් මිලින්ද පීරිස්…
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 20 වැනි ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා පත්කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඔහු (13දා) සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ.
මිලින්ද පීරිස් මහතා මේ වන විට කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපකුලපති ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසද කටයුතු කරමින් විශිෂ්ඨ සේවයක් ඉටුකළ කීර්තිමත් යුද හමුදා නිලධාරියෙකි.
කොළඹ නාලන්දා විද්‍යාලයේ ජනාධිපති බාලදක්ෂයෙක් වෙන ඒ මහතා මූලස්ථාන කොමසාරිස් ලෙසද කටයුතු කර ඇත.
උපුටා ගැනීම: විජය පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)