නව රැකියාලාභී උපාධිධාරීන්ට වසරක පුහුණුවක්, 20000ක දීමනාවක්…
උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගන්නා සියලු උපාධිධාරීන්ට වසරක පුහුණුවක් හා එම කාලය තුළ රුපියල් 20000ක දීමනාවක් ලබා දීමට කටයුතු කර ඇතැයි තොරතුරු සහ ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (1) සිට ඇරඹෙන එම පුහුණුව 2021 මාර්තු 01 දක්වා ක්‍රියාත්මක වන අතර අනතුරුව ඔවුන් අදාළ සේවා ස්ථාන වෙත යොමු කෙරේ.
අදාළ රැකියා ස්ථානයේ ඔවුන් වසර පහක කාලයක් සේවය කළ යුතු වේ.
උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙළට අනුව මේ වන පත්වීම් ලිපි නිකුත් කිරීම ජනාධිපති කාර්යාලය ආරම්භ කර ඇති බවත් එම ලිපිවල පිටවත් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති බවත් ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පසුගිය දා ප්‍රකාශ කළේය.
උපුටා ගැනීම: දිනමිණ පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)