නාවික හමුදාව මගින් සංරක්ෂණය කළ කැස්බෑ පැටවුන් 78 ක් සයුරට මුදා හැරේ…

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ ඒකකය හා තොරතුරු මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 78 ක් සයුරට මුදා හැරීම 2021 පෙබරවාරි 21වන දින සිදු කෙරිණි.
වඳවී යාමේ තර්ජනයට ලක් වී සිටින කැස්බෑවුන් සංරක්‍ෂණය කර සාගර පරිසර පදිධතියේ ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම මූලික අරමුණ කර ගනිමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව, ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ ඒකකය හා තොරතුරු මධ්‍යස්ථානය තුළ සංරක්‍ෂණය කර ආරක්‍ෂිතව රැකබලාගත් කැස්බෑ බිත්තර තුළින් පිටතට පැමිණි කැස්බෑ පැටවුන් 78 ක් සාගරයට මුදා හැරීම ගිණිකොණ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නෙවිල්ලේ උභයසිරිගේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරිණි.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)