නිදහස් අධ්‍යාපනයට එරෙහි කිසිදු වැඩපිළිවෙලකට සහාය දෙන්නේ නෑ – විපක්ෂ නායක…
නිදහස් අධ්‍යාපනයට එරෙහිව ගෙන එන කිසිදු වැඩපිළිවෙලකට සමගි ජනබලවේගයේ සහය හිමි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය ස්ථීරසාරව පෙනීසිටින බව ඔහු පැවසීය.
යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා එම අදහස් පළකර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, “නිදහස් අධ්‍යාපනය මේ පනත තුළින් වළ දමන්න ඉඩ දෙන්නේ නෑ. අපි මේ රටේ ශිෂ්‍ය පරපුර, ආචාර්ය මහාචාර්යවරු එක්ක ශක්තිමත්ව ඉන්නවා. අරගලයේ අවසාන අරමුණ ජයග්‍රහණය කිරීම.”
උපුටා ගැනීම: අද දෙරණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)