නියමිත පරිදි පාසල් ඇරඹීම අවිනිශ්චිතයි – අධ්‍යාපන ඇමති කරුණු හෙළි කරයි…
අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මස පළමු සතියේ සිට පියවරෙන් පියවර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව යම් ක්‍රමවේදයක් යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කර තිබුණත් පවතින තත්ත්වය සමග පාසල් ඇරඹීම අවිනිශ්චිත බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
අද (09) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.
මේ වනවිටත් අවසන්කොට තිබෙන 2020 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙහි ප්‍රතිඵල ලබාදීමට නොහැකි වී තිබීම නිසා දරුවන් අපහසුතාවට පත්ව ඇති බවත් මේ වනවිට එම පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලස්වා තිබියදී එයින් ද ඉවත්වීමට තීරණය කොට තිබෙන බැව් වෘත්තීය සමිති පවසා ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
එයින් 2020දී සාමාන්‍ය පෙළ ලියූ 622000ක් වූ සමස්ත දරුවන්ගේ ම ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.
උපුටා ගැනීම: www.liveat8.lk
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)