නිවසේ සිට හැදෑරිය හැකි මාධ්‍ය වැඩමුළුවක්…
නිවසේ සිටම මාධ්‍ය පිළිබඳ නොමිලේ හැදෑරීම අවස්ථාව මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය විසින් සංවිධානය කර ඇත. මෙම වැඩමුළුව 06 වන කණ්ඩායම සඳහා අයැදුම්පත් කැඳවීම මේ දින වල සිදුවෙයි.
මෙහි පළමු අදියර මැයි 08 , 15, 22 සෙනසුරාදා උදේ 09.00 සිට 11.00 දක්වා පැවැත්වෙන අතර සාක්ෂි මත පදනම් වූ වාර්තාකරණය යන මාතෘකාව යටතේ ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතා දේශනය පවත්වනු ලබයි.
මෙම වැඩසටහනේ දෙවන අදියර මැයි 29 ජුනි 05 සහ 12 සෙනසුරාදා දේශන කොටස් දෙකක් වශයෙන් පැවැත්වෙයි. පළමු දේශනය ඉහත දින වල සවස 2.00 සිට 4.00 දක්වා ද දෙවන දේශනය සවස 6.00 සිට රාත්‍රී 8.00 දක්වාත් පැවැත්වෙයි.
ප්‍රවීණ මාධ්‍යවේදී තිළිණ අලහකෝන් , ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත රුහුණුගේ මහතා ,ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රි කාරියවසම් මහතා ඇතුළු ප්‍රවීණයන් රැසක් මෙම දේශන සඳහා සහභාගී වේ.
මෙම වැඩමුළුව සඳහා ලියාපදිංචි වීමට නම ,ලිපිනය ,දුරකථන අංකය ,ඊමේල් ලිපිනය හා රැකියාව හෝ අධ්‍යාපන සුදුසුකම් සඳහන් කර Zoom මාධ්‍ය වැඩමුළුව ලෙස සඳහන් කර csrmediaunit@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකිය.
වැඩි විස්තර csr මාධ්‍ය ඒකකය 0777656003.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)