නිවාඩු ලබා නිවෙස් වෙත ගිය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් කළ ඉල්ලීම…
නිවාඩු ලබාදීමෙන් පසු නිවෙස් කරා ගොස් ඇති කැලණිය විශ්වවිද්‍යාලය, යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ නයිවල උසස් අධ්‍යාපන ආයතනයේ සිසු සිසුවියන් ට නිවෙස් වලට ම වී සිටින ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉල්ලීමක් කරයි.
එම ආයතන අද (05) සිට සතියකට වසා දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඊයේ තීරණය කළේය.
එසේම නේවාසිකාගාරවල සිටි සිසුන්ට ද හැකි ඉක්මනින් ඉන් ඉවත්ව යන ලෙසට දැනුම් දුනි.
දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවක් සහ ඇයගේ දියණිය කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වීමෙන් අනතුරුව එම ආයතන තුන තාවකාලිකව වසාදැමීමට බලධාරීන් විසින් තීරණය කළේය.
මතුවී ඇති කොරෝනා වෛරස පැතිරීමේ අවදානම සලකා එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
උපුටා ගැනීම: අද දෙරණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)