නොබෝ දිනකින් ඇරඹෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම නගර විශ්ව විද්‍යාලය…
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි අධ්‍යාපනයේ ව්‍යුහාත්මක වෙනසක් වෙනුවෙන් ඉදිවන ශ්‍රී ලංකාවේ ප්‍රථම නගර විශ්ව විද්‍යාලය කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ආශ්‍රිතව තව නොබෝ දිනකින් ආරම්භ කිරීමට නියමිතය.
මෙම නගර විශ්වවිද්‍යාලය මගින් ප්‍රදේශයේ පවතින වෘත්තීය අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයේ උපාධිධාරියකු බිහිකිරීමට කටයුතු කරන බව සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත බෝග වගා සහ, තේ හා රබර් කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ නගර විශ්වවිද්‍යාලය පිහිටුවීමට යෝජිත භූමියේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.
මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරබේපොල යන මහත්ම මහත්මීන් ද සහභාගි වූහ.
මුල් අදියරේ දී මෙම නගර විශ්වවිද්‍යාලය මගින් සබරගමුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව උපාධි ක්ෂේත්‍ර හතරක් යටතේ උපාධි ලබා දීමට සැලසුම් කර ඇත. ඒ අනුව කෘෂිකර්මාන්ත, කර්මාන්ත, සංචාරක, වැවිලිකර්මාන්ත වැනි ශ්‍රේෂ්ඨ කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇත.
නගර විශ්ව විද්‍යාල සංකල්පය පරිදි යම් ප්‍රදේශයක මානව සම්පත් අවශ්‍යතාවය හඳුනාගෙන මෙම අවශ්‍යතාවය සපිරීමට අවැසි වෘත්තීය නිපුණතාවය ඇති උපාධිධාරියෙකු බිහි කිරීම මූලික ඉලක්කය බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අනුව රුපියල් මිලියන එකසිය විසි හතක පිරිවැයකින් රඹුක්කන වාගොල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති ගොඩනැඟිලි පද්ධතියක් තුළ දිවයිනේ ප්‍රථම නගර විශ්වවිද්‍යාලය පිහිටුවීමට නියමිතය
සුප්‍රසිද්ධ පින්නවල අලි අනාථාගාරය ආශ්‍රිතව ඉදිවන මෙම නගර විශ්වවිද්‍යාලය මගින් රැකියා වෙළෙඳපොළ ඉලක්කගත උපාධිධාරීන් බිහි කිරීම අරමුණයි.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)