පළමු වන පාසල් වාරයේ 1 වැනි අදියර අදින් අවසන්…
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වසරේ පළමු වන පාසල් වාරයේ පළමු අදියර අද (25) අවසන් වේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ-2020 විභාගය මාර්තු 01 වැනිදා සිට මාර්තු 10 වැනිදා දක්වා පැවැත්වෙන බැවින් මෙසේ පළමු පාසල් වාරයේ පළමුවන අදියර අද දිනෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 2021 පළමුවන පාසල් වාරයේ දෙවැනි අදියර මාර්තු මස 15 වැනි සඳුදා ආරම්භ කෙරේ.
විභාගයට මෙවර පෙනී සිටින සියලු අපේක්ෂකයන් විභාගය ආරම්භ වීමට පැයකට පෙර අදාළ මධ්‍යස්ථානවලට පැමිණිය යුතු බව අනිවාර්ය කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් ද නිකුත් කර තිබේ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)