පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව තිස්පහ(35)ක් විය යුතු බවට අධිකරණ නියෝගයක් …
පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව තිස්පහ(35)ක් විය යුතු බවට අධිකරණ නියෝගයක් වේ.
මෙම අධිකරණ තීරණය සමාලෝචනය කොට අදාළ ශිෂ්‍ය සංඛ්‍යාව හතළිහක්(40) දක්වා වැඩිකර ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2020/01/02 දින ඉදිරිපත් කරනු ලැබූ පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
ප්‍රාථමික පන්තීන් සඳහා ගුරු සහායකයින් බඳවා ගැනීමේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්තියට අනුව, ප්‍රාථමික පන්තිභාර ගුරුවරයාට මෙතෙක් තිබූ පීඩනය සහ කළමනාකරණයේ අපහසුතාවයන් අවසන් වනු ඇත. ශිෂ්‍ය සංඛ්‍යාව 35 සිට 40 දක්වා වැඩිකිරීමේ තීරණයට පසුබිම නිර්මාණය වන්නේ ද මෙම ගුරු සහායකයින් පත්කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයයි.
අදාළ නීතිමය කටයුතු අවසන් වූ පසු දැනට රට පුරා දෙමව්පියන් තම දරුවන් වෙනුවෙන් මුහුණ දී ඇති තවත් දුෂ්කරතාවක නිමාව සටහන් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ විශ්වාසයයි.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)