පාසල්වලට ළමුන් පැමිණීමේ ප්‍රගතියක්…
පාසල් වෙත අද (15) දිනයේ සිසුන්ගේ පැමිණීමේ ප්‍රගතියක් දක්නට ලැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
බස්නාහිර පළාතේ අද ආරම්භ කළ ශ්‍රේණිවල ළමුන් සියයට 60කට වැඩි පිරිසක් පැමිණ තිබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක සිසුන්ගේ පැමිණීමේ අඩුවක් වාර්තා වන බවය.
සිසුන්ගේ දෙමව්පියන් අදහස් දක්වමින් සඳහන් කළේ, “පාසලෙන් ඉල්ලන්නේ සෞඛ්‍ය උපදෙස් හරියටම පවත්වාගෙන යන්න කියලයි. ඔන්ලයින් කරත් ළමයින්ට ඒක ටිකක් අමාරුයි. කොවිඩ් එක්ක අපිට ඉදිරියට යන්න වෙන නිසා අවබෝධයෙන් ඒ කටයුතු කරන්න ඕනේ. විභාගත් ඒ අවශ්‍ය පරිදි ඒ කාලවල තියෙනවා නම් හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ,” යනුවෙනි.
බස්නාහිර පළාතේ පාසල්වල ශ්‍රේණි 03ක් ඇතුළුව දිවයිනේ සෙසු සියලුම පාසල්වල අධ්‍යයන කටයුතු අද යළි ආරම්භ කෙරුණි.
බස්නාහිර පළාතේ පාසල්වල සෙසු ශ්‍රේණි ආරම්භ කෙරෙන්නේ ලබන අප්‍රේල් 19 වැනිදාය.
පාසල්වල අධ්‍යයන කටයුතු අද යළි ආරම්භ කෙරුණේ පළමු වාරයේ දෙවන අදියරේ අධ්‍යයන කටයුතු සඳහාය.
කෙසේ නමුත් කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ අවදානමක් ඇති බස්නාහිර පළාතේ පාසල්වල 05,11 හා 13 ශ්‍රේණි පමණක් අද ආරම්භ කිරීම සිදුවිය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)