පාසල්වල ඉගැන්වීම් ඉංග්‍රීසියෙන් කරන්න යෝජනාවක්…
රට ගොඩනැගීමට නම් සිංහල භාෂාව පාසල්වල අනිවාර්ය විෂයක් පමණක් බවට පත්කර, සෑම පාසලකම ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍ය ලේකම්වරුන්ගේ ජාතික සංවිධානය සඳහන් කරයි.
කොළඹ ‘වොන්ඩර්’ හෝටල් පරිශ්‍රයේ ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා මේ බව පැවසීය.
නිදහස ලැබීමට පෙර මෙරට තුළ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් වැඩකටයුතු කළ බවත්, නිදහස ලැබීමෙන් අනතුරුව සිංහල සහ දෙමළ ජාතික භාෂාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් ජාතීන් අතර අසමඟිය හටගැනීම ආරම්භ වූ බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.
උපුටා ගැනීම: අද වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)