පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වීමට අපේක්ෂා කරනවා…
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස්
එළඹෙන බදාදා ලංකාවේ ප්‍රධාන වෛද්‍යවරුන්, අධ්‍යාපන විශේෂඥයන් ඇතුළු පිරිසක් හමුවීමට බලාපොරොත්තු වන බව ත් පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධ ව අදාළ උපදෙස් ලබා ගැනීමට බලපොරොත්තු වන අතර ඒ අනුව පාසල් විවෘත කිරිම සම්බන්ධ ව තීරණයක් ගන්නා බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/05/09වන දින අනුරාධපුර ජයන්ති විහාරය, රුවන්වැලිසෑය, ලංකාරාමය යන ත්‍රිවිධ විහාරයන්හි නායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
මේ වනවිට ත් සතියෙන් සතිය රටේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සමාලෝචනයට භාජනය කරමින් පාසල්, පෙරපාසල්, පිරිවෙන් සහ විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳ අඛණ්ඩ ව සාකච්ඡා කරන බව ත් උපකාරක පන්ති සම්බන්ධ තත්ත්වය ද එය ම බව ත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය. කොවිඩ් 19 අර්බූදය පැවතීම නිසා රටේ එදිනෙදා කටයුතු නැවැත්වීමට රජය අදහස් නොකරන බව ත් රුසියානු එන්නත, චීන එන්නත මෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද අවශ්‍ය එන්නත් මේ වනවිට ලැබෙමින් පවතින බව ද ඒ අනුව ජනතාවට එන්නත ඉක්මනින් ලබාදීම රජයේ අපේක්ෂාව බව ද වැඩිදුරටත් පැවසී ය.
උපුටා ගැනීම: අධ්‍යාපන ආමාතයංශයේ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)