පාසල් ගුරුවරුන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන ජූලි 12 සඳුදා ආරම්භ කෙරේ…
පසුගිය දා ජනපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි සතියක් ඇතුළත දිවයිනේ සියලු ම ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත ලබාදීමේ වැඩසටහන මේ මස 12වෙනි සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.
ඒ අනුව මෙරට 10155ක් වන සියලු ම ගුරුවරුන්ට මෙන් ම විදුහල්පතිවරුන්ට සහ සියලු ම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ සමඟ ම එන්නත් ලබා දීමට කටයුතු සංවිධානය කර ඇති බව ද ඒ මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (07) ඉසුරුපාය පරිශ්‍රයේ දී මාධ්‍ය අමතමිනි.
අද උදෑසන සියලු ම පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ සෞඛ්‍ය අංශ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරු ව මෙම තීරණයට එළඹෙන ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි
එමෙන් ම දූ දරුවන් සඳහා පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල්, රජයේ ආධාර ලබන පාසල් සහ පිරිවෙන් විවෘත කිරීමට අපේක්ෂිත ය.
මේ අයුරින් පාසල් දිගින් දිගට ම වසා තැබීම කළ නොහැකි අතර මෙම වැඩපිළිවෙළ ඉක්මනින් අවසන් කල හැකි බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)