පාසල් ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමට සැරසෙයි…
මේ මස අවසානයේ හෝ ලබන මස ආරම්භයේදී පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පෙන්වාදෙන්නේ, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා සිදුකර ඇති බවය.
අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ඒ ජී.එල් පීරිස් මහතා එම අදහස් පළ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“මම යෝජනා කරලා තියෙනවා ගුරුවරුන්ට ඒ එන්නත ලබාදිය යුතුයි කියලා. මොකද ගුරුවරයා අවදානමට ලක්වෙනවා. විශාල පිරිසක් සමග දෛනිකව ගැටෙනවා. එම නිසා ගුරුවරයාටත් යම්කිසි ආරක්ෂාවක් ලබාදීම යුක්ති සහගතයි. මම ඒ මතය ඉදිරිපත් කරලා තියෙනවා. ලලිත් වීරතුංග මැතිතුමා සමග මම මේ ගැන කතා කළා. ගුරුවරුන්ටත් මේක ලබාදෙන්න ඕනේ කියලා. එතුමා මට කිව්වා පෙබරවාරි මාසයේ අවසානයේ බැරි වුණොත් මාර්තු මාසයේ ගුරුවන්ට සීමිත ප්‍රමාණයක් හෝ ලබාදෙන්න අදියර කිහිපයකින්. මුළු රටට ම එක සැරේ කරන්න බෑ. ඒ පිළිබඳ ආරම්භයක් අපි කළ යුතුයි කියලා මාර්තු මාසයේ වුණත්. නිශ්චිත පොරොන්දුවක් දුන්නේ නෑ කරනවා කියලා. නමුත් එය හොඳ අදහස් නිසා මාර්තු මාසයේ කරන්න උත්සහ දරමු යි යන්න පැවසුවා.“
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)