පාසල් දරුවන් 60කට බඹර ප්‍රහාරයක්…
මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතිමලේ ඉසුරු මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට අද(14) උදෑසන බඹර ප්‍රහාරයක් එල්ල වී ඇත.
අද උදෑසන 08.00 පමණ පැවැති ගුරු – සිසු හමුව එළිමහනේ පවත්වා තිබෙන අතර ඒ ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක බැද තිබූ බඹර කූඩුවක කොටසක් කඩා වැටීම නිසා එයික් ඇවිස්සුනු බඹරුන් රැස්වීමේ සිටි දරුවන්ට හා ගුරුවරුන්ට ඇන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.
මෙම ප්‍රහාරයට ලක් වූ ළමුන් 60දෙනෙකු පමණ ඇතිමලේ ප්‍රාදේශීය රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබයි.
එසේම අසාද්‍ය තත්ත්වයේ පසූ ළමුන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා සියඹලාණ්ඩුව රෝහලට ඇතුලත් කර ඇත. විද්‍යාලයේ විදුහල්පතිවරයා හා ආචාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු ද ඇතිමලේ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබේ.
අනෙක් පාසලේ අනෙක් ළමුන් ආරක්‍ෂිතව නිවෙස් කරා පිටත් කර යවා පාසල තාවකාලිකව වසා දැමීමට පොලිසිය කටයුතු කර ඇත.
එසේම අද රාත්‍රියේ ප්‍රදේශවාසීන් ද දැනුවත් කර වනජීවී නිලධාරීන් ද සමඟ අදාළ බඹර කූඩුව ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය සූදානම් වේ.
උපුටා ගැනීම: දිනමිණ ෙවබ් අඩවිෙයන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)