පාසල් නැවත ආරම්භයට පෙර සූදානමක් ලෙස ගුරු-විදුහල්පතිවරුන් සේවයට වාර්තා කරන්න…
ඇමැති, මහාචාර්ය ජී. එල්. පීරිස්
පාසල් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පෙර සූදානම් කටයුතු සිදු කිරීමට සේවයට වාර්තා කරන්නැයි සියලු ගුරු – විදුහල්පතිවරුන්ගෙන් තමන් ඉල්ලා සිටින බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (02) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.
“පාසල් නැවත ආරම්භ කිරීමේ පළමු පියවර ලෙස සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනුව සැප්තැම්බර් මාසයේදී පාසල් සිසුන් සියයකට අඩුවෙන් සිටින පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂාවෙන් සිටිනවා.
අධ්‍යාපන කටයුතු ඇනහිටීමෙන් විශාලම පාඩුව සිදු වෙලා තිබෙන්නේ සමාජයේ වරප්‍රසාද නැති පවුල්වල දරුවන්ට. එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. පහසුකම් තිබෙන දරුවන්ට මේක ගැටලුවක් වෙලා නෑ. මොකද ඔවුන් යන පාසල්වල අධ්‍යයන කටයුතු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා. දුෂ්කර පළාත්වල වෙසෙන දූ දරුවන්ට මේක විශාල වශයෙන් බලපානවා. ගුරුවරුන්ගේ වැටුප් ප්රශ්නය විසඳීමට අපි සෑම උත්සාහයක්ම ගන්නවා. සියලුම දරුවන් පෙනී සිටින්නේ පොදු තරග විභාගවලට. විභාග පැවැත්වෙන දිනත් අපි දැනුම් දී තිබෙනවා. මේ තත්ත්වය තුළ ප්රමුඛ අවශ්‍යතාව තමයි සෞඛ්‍ය නිර්දේශවලට යටත් වෙමින් හැකිතාක් ඉක්මනින් පාසල් විවෘත කිරීම.
ගුරුවරුන්ට සහ පාසල්වල අනධ්‍යන කාර්ය මණ්ඩලවලට එන්නත් දීම කඩිනමින් අපි අවසන් කරනවා. දීප ව්‍යාප්තව සිදු කරන එන්නත්කරණයේ ප්‍රගතිය අද උදෑසන වන විට 83%ක් ලෙස වාර්තා වෙනවා. බස්නාහිර පළාතේ 98%ක්, ඌව පළාතේ 85%ක්, මධ්‍යම පළාතේ 84%ක්, වයඹ පළාතේ 84%ක්, උතුරු මැද පළාතේ 83%ක්, දකුණු පළාතේ 83%ක්, උතුරු පළාතේ 82%ක්, නැඟෙනහිර පළාතේ 74%ක්, සබරගමුව පළාතේ 52%ක් වශයෙන් මේ වන විට එම එන්නත්කරණය සිදු කර තිබෙනවා. අගෝස්තු මාසයේ අවසානයට පෙර කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව සියලු ගුරුවරුන්ට සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවලට දීමට අපි කටයුතු කරනවා.
රජය දැනුම් දුන්නා සියලුම රාජ්‍ය නිලධාරින්ට කාර්යාලවලට පැමිණ සාමාන්‍ය පරිදි සේවය කරන්න කියලා. මා අධ්‍යාපන ඇමැතිවරයා හැටියට අපේ ගුරුභවතුන්ගෙන් ඉල්ලා සිටිනවා, පාසල්වලට ගිහිල්ලා පාසල් නැවත පවත්වාගෙන යන්න අවශ්‍ය පෙර සූදානම් කටයුතුවල නිරත වෙන්න කියලා. මේ විදිහට පාසල් දිගටම වහලා තියලා පළිගන්නේ අහිංසක දරුවන්ගෙන්.
සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට අනුව පාසල් නැවත ආරම්භ කිරීමේ හැකියාවක් තිබෙනවා. අපේ රටේ තිබෙනවා, සියයකට අඩුවෙන් සිසුන් ඉගෙනුම ලබන පාසල් දෙදහස් නවසිය හැට දෙකක්. පළමු පියවර හැටියට එම පාසල් අපට විවෘත කරන්න පුළුවන් සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබෙනවා නම්. දිගින් දිගටම මේ ආකාරයට පාසල් වසා දමා තිබීමෙන් අපේ පාසල් ශිෂ්‍යයන්ට සිදු වන්නේ විශාල පාඩුවක්.”
ඉෂාරා සිල්වා
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)