පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ…
2020 වර්ෂයේ පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් ලබාදුන් පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2021-02-28 දින තෙක් දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි
රට තුළ පවත්නා කොවිඩ් වාතාවරණය මත පාසල් වසා තැබීම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචරණ සීමා පැනවීම සහ ව්‍යාපාරික ස්ථාන වසා තැබීම හේතුවෙන් ඇතැම් සිසුන්ට තිළිණපත් සඳහා අදාළ නිල ඇඳුම් රෙදි මිල දී ගැනීමට නොහැකි වී ඇති බවට ලැබී ඇති තොරතුරු සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත.
උපුටා ගැනීම : සිළුමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)