පාසල් නිල ඇඳුම අනිවාර්ය නෑ…
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්
රට පුරා සියලු පාසල්වල ප්‍රාථමික අංශ අද (25) ආරම්භ කිරීමත් සමඟ පාසල් නිල ඇඳුමෙන් සැරසී පාසලට පැමිණීම අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
වසරකට වැඩි කාලයක් පාසල් නොපැවැත්වුණු බැවින් බොහෝ දරුවන්ට තමන්ගේ නිල ඇඳුම් හා පාවහන් භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව දැනගැනීමට ලැබී ඇති බැවින් මෙම තීරණය ගෙන තිබෙන බවද අධ්‍යාපන ලේකම්වරයා කියයි. පාසලට පැමිණීමේදී වඩාත් සුදුසු ඇඳුමකින් සහ පාවහන් යුගලකින් සැරසී පැමිණීම යෝග්‍ය බවද ඒ මහතා සඳහන් කරයි.
මෙම තීරණය නැවත දැනුම් දෙන තෙක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
උපුටා ගැනීම: දිනමිණ ෙවබ් අඩවිෙයන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)