පාසල් පැවැත්වෙන ක්‍රමවේදයේ වෙනසක් ?
ඉදිරියේ දී දවසක් හැර දවසක් හෝ පාසල් පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අද (19) මහනුවර දී උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“අපිට කරන්න පුළුවන් දේවල් කරලා තියෙනවා. සෑම පාසලකට ම මුදල් ලබා දීලා තියෙනවා. සැනිසයිටර් පාවිච්චි කරන ඒවට ඒවගේම ආරක්ෂිතව ඒවා සිදුකරන්න වගේම ඉදිරියේ දී අපි බලනවා දවසක් හැර දවසක් එහෙම නැත්නම් කණ්ඩායම් දෙකකට බෙදලා දවසක් හැර දවසක් හරි පාසල් තියන්න පුළුවන් ද කියන එකත් අපි බලාගෙන යනවා.”
ප්‍රශ්නය – දැනට 60ට වැඩි අයට එන්නත් කරගෙන යනවා. ඉදිරියේ දී 60ට අඩු අයට තෙවැනි මාත්‍රාව ලබාදෙනවා ද?
“මේ වෙනකොට මිලියන 14.5ක් ඇණවුම් කරලා තියෙනවා. දැනටත් ස්ටොක් තියෙනවා. මිලියන 2.1ක් තියෙනවා. එහෙම කිසිම අඩුවක් නෑ. වැක්සින් එක සම්බන්ධව නම් කිසිම අඩුවක් නෑ. පස්සේ වයස 30 සිට 60 වෙනකල් දෙනවා.”
උපුටා ගැනීම: අද දෙරණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)