පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු විවෘත නොකෙරේ…
රටේ පවතින කොවිඩ් 19 අවදානම නිසා රටේ සියලු ම පාසල්, පෙරපාසල්, පිරිවෙන්, උපකාරක පන්ති සහ විශ්වවිද්‍යාල සියල්ල නැවත දැනුම් දෙන තුරු විවෘත නොකිරීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
වර්තමාන රජය මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩ ව පවත්වාගෙන යාමට දැඩි උනන්දුවකින් පසුවුව ද පවතින අවදානම් තත්ත්වය මත පාසල් දූ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව සහ ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබාදිය යුතු බැවින් එම තීණයට එළඹි බවත් මෙම අවදානම යහපත් තත්ත්වයට පත්වීමෙන් අනතුරු ව නැවත පාසල් විවෘත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසී ය. එම ආයතන නැවත දරුවන් සඳහා විවෘත කිරීමට අවම වශයෙන් දින තුනකටවත් පෙර ඒ පිළිබඳ දැනුම් දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
උපුටා ගැනීම: අධ්‍යාපන ආමාතයංශයේ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)