පාසල් රග්බි පිටියට තීරකවරුන් – විනිසුරන් සොයන්න ඔන්ලයින් පාඨමාලාවක්…
පාසල් රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ ජාතික රග්බි ආයතනය ඒකාබද්ධව මාර්ග ගත (ඔන්ලයින්) පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ පළාත් මට්ටමින් පැවැත්වෙන මේ පුහුණු වැඩසටහන් මඟින් පාසල් පුහුණුකරුවන්, රග්බි ක්‍රීඩාව භාර ගුරුවරුන් සහ පාසල් කණ්ඩායම්වල බාහිර පුහුණුකරුවන් අතුරින් තෝරා ගත් පිරිසක් රග්බි විනිසුරන් සහ තීරකවරුන් බවට පත් කිරීම මෙහි අරමුණ වී තිබේ. මේ වැඩසටහන ආරම්භ කිරීමට තීරණය වී ඇත්තේ කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි අවදානම් සහිත ක්‍රීඩාවක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලැයිස්තුගත කරනු ලැබූ රග්බි ක්‍රීඩාවට අදාළව මෙවැනි මාර්ගගත වැඩසටහන් පැවැත්වීමේ හැකියාව සොයා බැලීමෙන් පසුය.
ලෝක රග්බි සම්මේලනයේ නීතිරීතිවලට අනුව පැවැත්වෙන මේ මාර්ගගත පුහුණු වැඩසටහන් තුළින් මෙරට පාසල් රග්බි පිටියට විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් වැඩි ප්‍රමාණයක් බිහි කිරීමට හැකිවනු ඇත. මාර්ගගත පුහුණු වැඩසටහන්වලින් පසු පරීක්ෂණයක් පවත්වා ඉන් සමත්වන පිරිසට තරග තීරකවරුන් සහ විනිසුරන් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය සහතිකයක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.
පාසල් රග්බි සංගමය සහ ජාතික රග්බි ආයතනය එක්ව සිදු කරනු ලබන මේ වැඩසටහන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ දායකත්වය ලැබෙන බව ‘දිනමිණ’ කළ විමසුමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ දයා බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
“කොවිඩ් වසංගතය නිසා දැඩි අවදානමක් ඇති ක්‍රීඩාවක් ලෙස ලැයිස්තුගත කර ඇති රග්බි ක්‍රීඩාවට අදාළව අන්තර්ජාලය ඔස්සේ සිදු කළ හැකි මෙවැනි ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට පියවර ගැනීම සතුටට කරුණක්. මේ වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය සම්පත් දායකත්වය ශ්‍රී ලංකා රග්බි ආයතනයෙන් දෙනවා. පාසල් රග්බි සංගමය හා ජාතික රග්බි සංගමය එකමුතුව මෙවැනි කාර්යයක් ආරම්භ කිරීම ක්‍රීඩාවේ අනාගතයට ඉතා වැදගත්. විශේෂයෙන් ජාතික රග්බි ආයතනයෙන් මේ සඳහා ලැබෙන සහයෝගය අතිවිශාලයි.” දයා බණ්ඩාර මහතා කියා සිටියේය.
ෆවුස් මොහොමඩ්
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)