පාසල් විවෘත කිරීම අගෝස්තුවේ…
පාසල් ගුරුවරුන්ගේ එන්නත්කරණ කටයුතුවලින් අනතුරුව පාසල් විවෘත කිරීම සම්බන්ධ පළමු පියවර ලබන අගෝස්තු මාසයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
පාසල් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා කොවිඩ් මර්දන එන්නත් දීම නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී ඊයේ (12) නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
කොළඹ අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත සයිනොෆාම් පළමු එන්නත් මාත්‍රාව දීම මෙහිදී සිදු විය.
ඉදිරි සති දෙකක කාලයේ අඛණ්ඩව මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ය.
එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා,
‘අපේ රටේ ඉන්නවා ගුරුවරුන් දෙලක්ෂ හතළිස් දෙදහසක්. දැනට ම එම ගුරුවරුන් සෑහෙන සංඛ්‍යාවකට එන්නත ලබා දී අවසන්. මුළු රටම විවෘත කිරීමේ වැඩපිළිවෙළේ අන්තර්ගත කොටසක් හැටියට අපි පියවරෙන් පියවර සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව පාසල් විවෘත කරනවා. අගෝස්තු මාසයේ අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රථම පියවර ගැනීමට. අධ්‍යාපනයේ අවුරුද්දක් නැතිවුණොත් ජීවිතයේ වෙන කිසිම දෙයක් වගේ නෙවෙයි ඒ පාඩුව පියවා ගන්න බැරි වෙනවා. එය සදාකාලික පාඩුවක් වෙනවා.
මාර්ගගත අධ්‍යාපනය මෙවන් තත්ත්වයක් තුළ කළ යුතු දෙයක්. හැබැයි මම මොහොතකටවත් විශ්වාස කරන්නේ නෑ දුරස්ථ හෝ මාර්ගගත අධ්‍යාපනය පන්ති කාමරයේ ඉගැන්වීමට හැම අතින්ම සතුටුදායක විකල්පයක් කියලා’ යනුවෙන් ද ඇමැතිවරයා එහිදී පැවසීය.
උපුටා ගැනීම: දිනමිණ ෙවබ් අඩවිෙයන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)