පාසල් සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට පියවර…
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිසුන් 200කට වැඩි පාසල් සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරමින් මෙම පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
පසුගිය 10 වන දා දිවයින පුරා පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණු අතර සිසුන් 200ට වැඩි පාසල්වල එක් එක් ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල වෙත කැඳවිය යුතු දින අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.
කෙසේවෙතත් ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශ යටතේ පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ හැකියාව පවතින්නේ නම් සාමාන්‍ය ආකාරයට සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමේ බාධාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)