පාසල් සිසුන්ට දියර කිරි වෙනුවට පෝෂණීය කැඳ..
පාසල් සිසුන් සඳහා දියර කිරි වෙනුවට වස විසෙන් තොර දේශීය සහල් සහ ධාන්‍ය මුසු පෝෂණීය කැඳ දීමට රජය සැරසෙයි.
දුෂ්කර පළාත්වල වෙසෙන අඩුආදායම්ලාභී සිසුන්ට දියර කිරි ලබාදීමේ වැඩසටහනක් 2012 වර්ෂයේ සිට පාසල් 927ක ක්‍රියාත්මකය.
පාසල් ආහාර ලබාදීමේ වැඩසටහනට ඇතුළත් නොවූ 1 සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන් ලක්ෂ 4කට මෙම වැඩසටහන යටතේ දිනපතා දියර කිරි සැපයේ.
දියර කිරි ලබාදීමේ වැඩසටහන සඳහා 2021 වර්ෂයට ද රුපියල් කෝටි 65ක් වෙන් කර ඇතත් කිරි සැපයීමට කිසිදු සැපයුම්කරුවකු මේ වන තෙක් ඉදිරිපත්ව නැත.
පවතින වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන් හට දියර කිරි වෙනුවට පෝෂණීය කැඳ ලබාදීම සඳහා වන යෝජනාවක් අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබේ.
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ අදහසක් අනුව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)