පාසල් 10,000කට 4G ආවරණය…
පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට සන්නිවේදන පහසුකම් සැපයීමේ අරමුණින් මෙරට පාසල් 10,000කට ඉදිරි වසර දෙක ඇතුළත දී 4G ආවරණය ලබා දීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ඊට අදාළ ඇමැති මණ්ඩල සංදේශය මේ වන විටත් කෙටුම්පත් කර ඇතැයි තරුණ හා ක්‍රීඩා ඇමැති සහ ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
වසර දෙකක් ඇතුළත රට පුරා සන්නිවේදන කුලුනු ලබාදීම යාවත්කාලීන කොට සියලුම සන්නිවේදන සැපයුම්කරුවන් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එකට එක්ව ඒකාබද්ධ ප්රවේශයකින් එක් ප්‍රතිඵලයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව හෙතෙම පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
2021 ජුනි මාසයේ සිට වීඩියෝ කොන්පරන්ස් පහසුකම e-තක්සලාව හරහා නොමිලේ ලබා දෙන බව අනාවරණය කළ නාමල් රාජපක්ෂ මහතා ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය නැතිනම් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් (LMS) ජුනි 25 වැනිදා සිට පාසල් 20කින් ආරම්භ කරන බව පැවසීය.
සන්නිවේදන පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශ හඳුනාගෙන ඒ ප්‍රදේශවල සන්නිවේදන පහසුකම් ලැබෙන මධ්‍යස්ථාන පිහිටුවන බවත් සති දෙකක් ඇතුළත ඒ තැන්වලට අවශ්‍ය පරිගණක හෝ ටැබ් උපරිම වශයෙන් 10ක් ලබා දෙමින් උදෑසන සිට සවස්වරුව දක්වා e-තක්සලාව හරහා අධ්‍යාපනය හදාරන්න අවකාශය ලබා දෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
උපුටා ගැනීම: දිනමිණ ෙවබ් අඩවිෙයන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)