පාසලුත් නෑ, ඔන්ලයිනුත් නෑ – දරුවන් දැක්වූ විරෝධය…
ගුරු ගැටලුව විසඳා ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වහා ආරම්භ කරන්නැයි ඉල්ලා රාගම ගනේමුල්ල ප්‍රදේශයේ දරුවන් පිරිසක් ඊයේ (15) විරෝධතාවක නිරත විය.
ඊට එක්ව සිටි දරුවෙක් සඳහන් කළේ,
“සමහර වෙලාවට ගුරුවරු අපිත් එක්ක අඬනවා. ඒ ගුරුවරු අපිට උගන්වන්නේ ගුරුවරුන්ගේ දරුවන්ටත් ඒ වෙලාවටම ඔන්ලයින් පන්ති තියෙද්දි. අපිට උගන්වන නිසා ඒ ළමයින්ට පන්තියට සහභාගි වෙන්න විදිහක් නෑ කියලා. ගුරුවරුන්ගේ ප්‍රශ්න දිහා සානුකම්පිතව බැලුවා නම් අද මේ ගුරුවරු වර්ජනයකට යන්නේ නෑ.”
“2021 විභාගවලට මුහුණ දෙන දරුන්ගේ දෙමාපිය සංසදය” ද අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලා සිටියේ ගුරු වර්ජනය නිසා මේ වසරේදී විභාගවලට මුහුණදෙන දරුවන් දැඩි අපහසුතාවයට පත්වී ඇති බවය.
මේ අතර වර්ජනයේ නිරත ගුරු සංගම් සහ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින වෘත්තිය සමිති සාමාජිකයන් අදත් මාධ්‍ය හමු කැඳවමින් සිය ඉල්ලීම් පිළිබඳ අදහස් දැක්විය.
ගුරු සංගම් 14ක් ජුලි 12 වනදා සිට මෙම වර්ජන ආරම්භ කර තිබුණි.
එම වැඩවර්ජන ආරම්භ කිරීමට හේතු වූයේ සිය වෘත්තිය සමිති නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන යෑම බව ඔවුන් පවසයි.
ඒ හේතුවෙන් අද සිව්වන දිනටත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාලවී තිබුණි.
උපුටා ගැනීම: අද දෙරණ වෙබ් අඩවියෙන්
උපුටා ගැනීම: අද දෙරණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)