පාසලේදී ඉගැන්වීම පාඩම්වල අත්‍යවශ්‍ය කොටස් පමණයි…
අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි
කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් පැවැත්වීමට නොහැකි වීම නිසා අතපසු වී ඇති පාඩම් ප්‍රමාණය සැලකිල්ලට ගෙන, අත්‍යවශ්‍ය ඉගෙනුම් කොටස් පමණක් ආවරණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. කොවිඩ් වසංගතය හේතුවෙන් මාස ගණනක් පාසල් වසා තැබීමට සිදු වූවද ඊළඟ ශ්‍රේණියට සිසුන් උසස් කිරීමේදී සම්පූර්ණ කර තිබිය යුතුයැයි හඳුනා ගෙන තිබෙන 2020, 2021 වර්ෂයන්හි අතපසු වූ විෂය කොටස් පමණක් මේ අනුව ආවරණය කෙරේ. 2021 දෙසැම්බර් 31 වැනිදා දක්වා කොපමණ විෂය කරුණු ප්‍රමාණයක් අතපසු වී ඇතිදැයි සොයා බැලීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මේ තීරණය ගත් බව දිනමිණ කළ විමසුමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. මේ අතර, පාසල් නොපැවැත්වීම හේතුවෙන් සමස්ත පාසල් පද්ධතියේ සිදුව ඇති අධ්‍යයන පාඩුව 2021 වසරේ සියයට 70ක් බවත්, 2020 වසරේ සියයට 55ක් බවත් දිනමිණ කළ විමසුමකදී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය. 2021 වසරේ අගෝස්තු 31 වැනිදා වනවිට බස්නාහිර පළාතේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යයන පාඩුව සියයට 88.3ක් බවත්, මුස්ලිම් පාසල්වල සියයට 92.5ක් බවත්, සෙසු පළාත්වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල සියයට 54.2ක් සහ මුස්ලිම් පාසල්වල සියයට 58.3ක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. එසේම, 2020 වසරේ බස්නාහිර පළාතේ අධ්‍යයන පාඩුව සියයට 51.55ක් සහ සෙසු පළාත්වල 40%ක් බවද කීය.
උපුටා ගැනීම: දිනමිණ ෙවබ් අඩවිෙයන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)