පාසැල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි…
පාසල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලෙස සඳහන් කරමින් අධ්‍යාපන ලේකම්වරයා සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලිපියක් නිකුත් කොට ඇත.
කොවිඩ් 19 මත පවතින අවදානම්කාරී හා අනාරක්ෂිත බව නොසලකා ඇතැම් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම හා ඊට අදාළ සංවිධාන කටයුතු සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වී ඇති බවත්, එළඹ ඇත්තේ දරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දැඩි වගකීමෙන් සහ අවධානයෙන් කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක් බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අවධාරණය කර සිටියි.
දැනට යම් පාසලක උත්සව පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කරමින් පවතී නම් ඒ සියල්ල ද,ඉදිරියේ සැලසුම්කර ඇති උත්සව ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් දැනුම් දී තිබේ.
උපුටා ගැනීම: දිනමිණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)