පුද්ගල තොරතුරු එකම ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතට…
ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙයි.
එමඟින් කාලය, ශ්‍රමය සහ විශාල මුදල් නාස්තිය අවම කර ගැනීමට හැකි වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ 30 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී සඳහන් කළේය.
එකම තොරතුරු ආයතන කිහිපයක එක් රැස් කිරීම දැනට භාවිත ක්‍රමයයි. එය එකම පද්ධතියක් යටතට ගැනීමෙන් ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීමට හැකිවන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එමඟින් සාවද්‍ය සහ වංචනික තොරතුරු සංසරණයවීම වළක්වාගත හැකි බව ද ජනාධිපතිවරයා පැවසීය.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අර්ධ රාජ්‍ය ආයතනවල අන්තර් සබඳතාවය රටේ සංවර්ධනයේ දී ඉතා වැදගත් වේ. අදාළ ආයතන ජාලගත කරමින් සම්බන්ධ කිරීමෙන් ඉහළ ඵලදායිතාවක් ළගාකර ගත හැකිය.
වර්තමානයේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඇතැම් ව්‍යාපෘති ඒවායේ ඵලදායීතාව සඳහා සෘජුව වගකියන අමාත්‍යාංශ හෝ ආයතන හෝ වෙත පැවරීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.
පාසල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාශය යටතට පැවරීමේ වැදගත්කම නිදසුනක් ලෙස පෙන්වා දෙනු ලැබිණ.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)