පොසොන් පොහොය දිනය අදයි…
සමණා මයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා” “මහරජ, අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු.
ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු” යනුවෙන් පවසමින් මිහිඳු හිමියන්ගේ ලංකාගමනය සිදු වූ උතුම් පොසොන් පොහොය දිනය අදට යෙදී ඇත
ඉන්දීයාවේ පැවැති තෙවන ධර්ම සංගායනාවෙන් පසුව ධර්මාශෝක රජුගේ අනුග්‍රයෙන් මිහිඳු හිමියන් ඇතුළු පිරිස මිහින්තලා පවුවෙන් මෙරටට වැඩම කළහ එවකට මෙරට පාලනය කරමින් සිටි දේවානම්පියතිස්ස රජු ද මිහිඳු හිමිගෙන් දහම් අසා සඳහම් සරණ ගියහ මිහිඳු හිමියන්ගේ ආගමනය සමඟ ලක් දිව සංස්කෘතික වෙනසක් ද සිදු විය
මිහිඳු හිමියන් සමඟ 18 කුලයක ශිල්ප ශ්‍රේණි ද ලංකාවට ලැබිණි අධ්‍යාපනය ,සාහිත්‍යය ,ගෘහ නිර්මාණ ශිල්පය ,කෘෂිකර්මාන්තය මෙන්ම සාරධර්ම පිරි සමාජයක් ද ලැබීම පොසොන් පොහොය අර්ථ සම්පන්න කරන්නකි සංස්කෘතියට මුල් තැන දෙමින් උත්සවශ්‍රියෙන් පොසොන් සැමරීම ලාංකීය බෞද්ධයන්ගේ සිරිතකි
නමුත් පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් වෙනදා මෙන් මෙවර පොසොන් සැමරීමට නොහැකි වී ඇත
ආමිසයට මුල් තැන දෙමින් නිවසේ සිට මෙවර වෙසක් අපි සමරමු
මෙවර ද ලෝ වාසීන්ට සෙත් පතා 59 වන වරට ලේක් හවුස් මිහින්තලා අලෝක පූජාව සෞඛ්‍ය රිතීන් ට මුල් තැන දෙමින් මිහින්තලා පුද බිම ආශ්‍රිතව පැවැත්වෙයි
උපුටා ගැනීම: දිනමිණ පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)