බස්නාහිර අවදානම් අඩු ප්‍රදේශවල පෙරපාසල් ලබන සඳුදා සිට අරඹන්න පුළුවන්…
බස්නාහිර පළාතේ දැඩි අවදානමක් නැති ප්‍රදේශවල පෙර පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ලබන සඳුදා (15) සිට ආරම්භ කිරීමට අවසර දෙන බව පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් මර්දනය පිළිබඳ විශේෂඥ කමිටුවේ මාර්ගෝපදේශ, අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් මෙන්ම, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල නිර්දේශ මත මෙම තීරණය ගත් බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
එම අමාත්‍යංශයේ පෙරේදා (10) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව කීය.
පෙර පාසල් වයසේ දරුවන්ට එම අධ්‍යාපනය ලැබීමට හැකි වන්නේ අවුරුදු දෙකක කාල සීමාවක් පමණක් වන අතර, ඉන් පසු දරුවා විධිමත් අධ්‍යාපනයක් ලැබීම සඳහා ප්‍රාථමික පාසලකට ඇතුළත් වන බැවින් දැනුමෙන්, කුසලතාවයෙන්, ආකල්පවලින් යුතු දරු පරපුරක් බිහි කිරීම සඳහා පෙර පාසල් අධ්‍යාපනය නිසි වයසේදී ලබා දිය යුතු බව ඒ මහතා සඳහන් කළේය. නැවත ආරම්භ වන පෙරපාසල් සඳහා උෂ්ණත්වමාන, අත් සොදන ජල බඳුන් සහ මවුපියන් හා ගුරුවරුන් සඳහා උපදෙස් මාලාවන් පවා මේ වන විට දී ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමැති පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසුවේ, දරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ රජය මෙන්ම, නිලධාරීන්, මවුපියන්, ගුරුවරුන් ඇතුළු සමස්ත සමාජයම එක්ව කටයුතු කළ යුතු බවත්, එය සියලු දෙනාගේම වගකීමක් බවත්ය. පෙර පාසල් ආරම්භ කිරීමට තීරණය ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මුල් ළමා විය සංවර්ධන නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද සඳහන් කළේය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)