බස්නාහිර පාසල් සිසුන්ගේ පැමිණීම ඉහළ අගයක…
බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඊයේ (29) ආරම්භ වූ අතර, එදින සිසු සිසුවියන්ගේ පැමිණීම සියයට අසූවක් වැනි ඉහළ අගයක පැවති බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා දිනමිණට පැවසීය. බස්නාහිර පළාතට අයත් කලාප අධ්‍යාපන කාර්යාල එකොළහේම තොරතුරු ලබා ගත් බවත්, ඒ සෑම කලාපයකම පිහිටි පාසල්වල සිසුන්ගේ පැමිණීම ප්‍රශස්ත අගයක පැවති බවත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කීය. ගුරුවරුන්ගේ පැමිණිම සිසුන්ගේ පැමිණීමට වඩා ඉහළ අගයක පැවති බවද ඒ මහතා සඳහන් කළේය.
සිසුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් දිනමිණ කළ විමසුමකදී බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා මේ බව පැවසීය.
සෑම පාසලකම මුළු ශිෂ්‍ය සංඛ්‍යාවම ගෙන්වා ගැනීමට කටයුතු නොකළ බවද, පන්ති කාමරයක සිසුන් අතර මීටරයේ පරතරය පවත්වා ගෙන යා යුතු බැවින් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි පාසල්වලට කණ්ඩායම් වශයෙන් සිසුන් ගෙන්වා ගැනීමට කටයුතු කළ බවද ඒ මහතා කීය. ඉදිරි දිනවලදී ද කණ්ඩායම් වශයෙන් පාසල්වලට සිසුන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත්, එවිට එක් සිසුවකුට පාසලට පැමිණීමට සිදුවෙන්නේ සතියකට එක් දින දෙකක් හෝ තුනක් පමණක් බවත් පැවසීය.
ළමයින්ට අධ්‍යාපනය ලබා ගැනීමට හැකි අයුරින් පාසල් සුරක්ෂිත කර තිබෙන බවත්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පාසල් පවත්වා ගෙන යන බවත් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
පුද්ගල දූරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ තොරතුරු ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මෙන්ම, සියලු විදුහල්පතිවරුන් වෙත ලබා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව සිසුන් 15 දක්වා සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතු අතර, සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතු වේ. එසේම, සිසුන් 30ට වැඩියෙන් සිටින පන්ති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පන්ති පැවැත්විය යුතුය.
මේ අතර, ඊයේ ආරම්භ වූ පෞද්ගලික පාසල් හා අන්තර්ජාතික පාසල්වල සිසුන්ගේ පැමිණීම ද ප්‍රශස්ත මට්ටමක පැවති බව දැන ගැනීමට ලැබිණි.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)