බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
අඩු අදායම්ලාභී පවුල් වල සිටින, අවම අධ්‍යාපන සුදුසුකම් සහිත සාමාජිකයන්ට, විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දීමෙන් පසු රජයේ ස්ථීර රැකියා ලබා දීම අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු වී ඇති වැඩසටහනකි. මෙම රැකියා ලබා දීම මඟින් ඔවුන් ස්ථාවර අදායම් ලබන්නන් බවට පත් කර, එම පවුල් දිළිඳුබවින් මුදවා ගැනීම සහ ශ්‍රම බලකායේ නිපුනතා සමෘද්ධිමත් රටක් ගොඩනැගීමේ කාර්යයට, සඵලදායී ලෙස දායක කර ගැනීම සදහා, රැකියා ලක්ෂයන් (100,000ක්) ලබා දීම පිණිස බඳවා ගැනීමේ මූලික කටයුතු 2020 ජනවාරි මස 20 සිට ආරම්භ කරනු ඇත.
මේ සඳහා පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකා දෙපාර්තමේන්තුව මගින් විධිමත් ක්‍රමවේදයකට හඳුනා ගන්නා රැකියා ලාභින්ට මාස හය (6) ක රැකියා පුහුණුවක් ලබා දේ. මෙම නිවේදනයේ සඳහන් පුහුණු ක්ෂේත්‍ර අතරින් තමා පදිංචි ප්‍රදේශවල පවතින රැකියා අවස්ථාවලට ගැලපෙන වෘත්තීය පුහුණුවක් ලබා දීම සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.
වැඩි විස්තර සඳහා පහත දැන්වීම බලන්න
උපුටා ගැනීම: දිනමිණ පුවත්පත
අයදුම්ලපත ලබා ගැනීමට http://www.mytutor.lk/myjobs/vacancy_details.php?aid=npWimA==
මට දුන්නෙ නැහැ රැකියා යාවක්
මම බහු කාර්ය සංවර්ධන බලකායෙ සම්මුඛ පරීක්ෂණ යද සමත් විය තොරාගත් පිරිස අතර ද සිටියෙමි සියළු සුදුසුකම් සම්පූර්ණ විය එහෙත් මාහට රැකියා ව නොලැබුණි. දරුවන් 4ක් සිටින අතර ස්ථිර රැකියාවක් නොමැතිව බොහොමයක් පීඩා විදිමින්.
බහු කාර්ය සංවර්ධන බලකියේ සම්මුඛ පරික්ෂණයේන් මාව තේරිලා කියලා ග්‍රම නිලධාරි කිව්වා ඵත් job දේන්නේ මන්තිුට ඹන අයටනේ දුපත් අපිට දේයියෝ තමයි දන්නේ
මම බහු කාර්ය සංවර්ධන බලකායෙ සම්මුඛ පරීක්ෂණ යද සමත් විය තොරාගත් පිරිස අතර ද සිටියෙමි සියළු සුදුසුකම් සම්පූර්ණ විය එහෙත් මාහට රැකියා ව නොලැබුණි. දරුවන්1 ක් සිටින අතර ස්ථිර රැකියාවක් නොමැතිව බොහොමයක් පීඩා විදිමින්
A/l ayata kawadda job denne