බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ජය බොරිස් ජොන්සන් ප්‍රමුඛ කොන්සර්වේටිව් පක්ෂයට

බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කරයි. ආසන 650කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 333ක බහුතරයක් දිනා ගැනීමට එම පක්ෂය සමත් වී ඇති අතර එරට පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීමට නම්, ආසන 326ක් ජයග්‍රහණය කළ යුතුය.
ජෙරමි කෝබින්ගේ කම්කරු පක්ෂය ආසන 199ක් ජයග්‍රහණය කළ අතර නිකොලා ස්ටෝජන්ගේ, ස්කොටිෂ් ජාතික පක්ෂය දිනූ ආසන සංඛ්‍යාව 45කි. මෙවර මහමැතිවරණය පැවැත්වුණේ බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් අර්බුදය මධ්‍යයේ වන අතර මහමැතිවරණයක් කැඳවීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට සිදුවූයේ බ්‍රෙක්සිට් යෝජනාව අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීම හේතුවෙනි. සීත සෘතුවකදී බ්‍රිතාන්‍ය මහමැතිවරණයක් පැවැත්වූයේ වසර 100කට පමණ පසුවය.
උපුටා ගැනීම: දිණමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)