බෞද්ධ දහම් පාසල් හෙට සිට යළි අරඹයි…
බස්නාහිර පළාතේ හා හුදෙකලා කළ ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පිහිටි බෞද්ධ දහම් පාසල් හෙට (17) සිට නැවත ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර තිබෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් දෙන ලද උපදෙස් මත බස්නාහිර පළාතේ හා හුදෙකලා කළ ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් පසුගිය දා ආරම්භ විය.
කොවිඩ් 19 වසංගතය හමුවේ තාවකාලිකව වසා දැමූ බස්නාහිර පළාතේ දහම් පාසල්, සමස්ත පාසල් පද්ධතිය ආරම්භ කිරීමෙන් පසු එළඹෙන ආසන්න තම ඉරිදා දින ආරම්භ කිරීමට තීරණය කර තිබේ. එමෙන්ම හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන ඉරිදා දහම් පාසල් පැවැත්වීමට තීරණය කර ඇති අතර මේ සියලු කටයුතු ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ගෙන කොවිඩ්-19 මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු වේ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)