භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දේශගුණ විපර්යාස ගැන සෙවූ විද්‍යාඥයින් තිදෙනෙකුට

පෘථිවියේ දේශගුණය වැනි සංකීර්ණ පද්ධති අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කළ විද්‍යාඥයින් තිදෙනෙකුට 2021 භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරිනමා තිබෙනවා.
එලෙස නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබා ඇති විද්‍යාඥයින් අතර 90 හැවිරිදි ජපන් ජාතික යුකූරෝ මනාබේ, 89 හැවිරිදි ජර්මන් ජාතික ක්ලෝස් හැස්ල්මන් හා 73 හැවිරිදි ඉතාලි ජාතික ජෝර්ජියෝ පැරීසි වනවා.
යුකූරෝ මනාබේ සහ ක්ලෝස් හැස්ල්මන් පසුගිය දශක 6 ක කාලය පුරාවට දේශගුණික විපර්යාසයන් පුරෝකථනය කළ විද්‍යාඥයින් දෙපළක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පෘථිවියේ දේශගුණය වෙනස් වන ආකාරය සහ මිනිස් හැසිරීම් එම වෙනස්කම් වලට කෙලෙස බලපෑම් එල්ල කරයිද යන්න සම්බන්ධයෙන් මෙම විද්‍යාඥයින් තිදෙනාම සිය පර්යේෂණ කටයුතු සිදුකර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ
උපුටා ගැනීම: නෙත් News
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)