මාර්තු 15 සිට සියලු පාසල් ඇරඹේ…
දිවයිනේ සියලු පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු 15 වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
බස්නාහිර පාසල් සහ හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල් මේ වන විටත් විවෘත කර ඇති අතර, බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල නිර්දේශ ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා පියවර ගෙන තිබුණි.
මේ වන විට කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් එම නිර්දේශ ලැබී ඇති අතර, සෞඛ්‍ය බලධාරීන් වෙත යොමුකර ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු පෙබරවාරි 15 වනදා බස්නාහිර පළාතේ බොහෝ පාසල් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. කොළඹ දිස්ත්‍රික්කයේ පවත්නා සමස්ත පාසල් සංඛ්‍යාව 492 ක් වන අතර, ඉන් 412ක් පෙබරවාරි 15 සිට ආරම්භ කිරීමට කිසිදු ගැටලුවක් නොවන බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු නිර්දේශ කොට තිබේ. ඒ අනුව කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 76 න් 73 ක්, ශ්‍රී ජයවර්ධනපුර පාසල් 31 න් 29 ක්, කඩුවෙල පාසල් 49 න් 17ක්, පාදුක්ක පාසල් 26 න් 11 ක්, මහරගම පාසල් 32 න් 7ක්, රත්මලාන පාසල් 27 න් 24 ක්ද , කොලොන්නාව, හෝමාගම කැස්බෑව, දෙහිවල ,මොරටුව, සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතෙහි සියලුම පාසල් ද ඒ අනුව පෙබරවාරි 15 වනදා වන විට විවෘත කිරීමට කමිටු නිර්දේශ ලැබී ඇත. ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 80ක් පමණක් පෙබරවාරි 15 වනදා විවෘත කිරීමට නොහැකි තත්ත්වයක පවතින බව දිස්ත්‍රික් කමිටු සඳහන් කර තිබේ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)