මැලේරියාවෙන් ජීවිත බේරාගැනීමට වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රාතිහාර්යක්…
ලොව බොහෝ රටවල් මේ වනවිට මැලේරියාව සාර්ථකව තුරන්කර තිබේ.ඒ ප්‍රධාන වශයෙන් මැලේරියා වාහක මදුරුවන් විනාශ කිරීම මගිනි.මැලේරියා රෝගීන් සුවකිරීමට ඖෂධ තිබුණද රෝගය වැලඳීම වැලැක්වීම සඳහා එන්නතක් ලොව මෙතෙක් භාවිත කර නොමැත.මැලේරියා මර්දන එන්නතක් සඳහා වසර සියයක පමණ සිට උත්සාහයන් දැරුවත් එය සාර්ථක නොවූයේ මැලේරියා පරපෝෂිතයාගේ ඇති සංකීර්ණත්වය හේතුවෙනි.කෙසේ වෙතත් අත්හදාබැලුණු RTS.S එනම් මොස්කිරික්ස් නම් එන්නත සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන බව මීට වසර 6කට පෙර සොයා ගැනුණි.වැඩිදුර අත්හදාබැලීම්වලින් පසු එම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගියදා අනුමත කෙරුණේ එය ලොව අනුමත පළමු හා එකම මැලේරියා මර්දන එන්නත ලෙස ඉතිහාසය ගත වෙමිනි.
මැලේරියාවෙන් අදටත් දැඩි ලෙස බැටකන අප්‍රිකානු දරුවන් වෙත එම එන්නත ලබාදීමට නියමිතය. මදුරුවන් මගින් සම්ප්‍රේෂණය වන පරපෝෂිතයකු නිසා වැලඳෙන මැලේරියාවෙන් 2019 දී පමණක් අප්‍රිකානු දරුවන් 260,000ක් මියගොස් තිබුණි.එන්නත මගින් මැලේරියා ළමා මරණ සියයට 30කින් අඩු කරගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.තාක්ෂණය කෙතරම් දියුණුව පැවතියත් මැලේරියා මර්දන එන්නත මෙතරම් ප්‍රමාදවීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබුණි.ඒ කොවිඩ් වෛරසයට එරෙහිව මාස කිහිපයක් තුළ සාර්ථක එන්නත් නිපදවාගැනීමට පවා විද්‍යාඥයින් සමත්ව තිබීම සාක්ෂි ලෙස පෙන්වාදෙමිනි.
කෙසේ නමුත් විද්‍යාඥයින් පෙන්වාදෙන්නේ, කොවිඩ් වෛරසය හා සංසන්දනය කිරීමේ දී මැලේරියා පරපෝෂිතයා යනු වඩාත් අත්භූත හා සංකීරණ ජීවියෙකු බවය.විද්‍යාඥයින් පවසන්නේ, මේ රෝගකාරක දෙවර්ගය සංසන්දනය කිරීමේදී මැලේරියා පරපෝෂිතයා මිනිසෙකු නම් කොවිඩ් වෛරසය ගෝවා ගෙඩියකට සමාන කළ හැකි ප්‍රාථමික ජීවියෙකු බවය.ඒ මිනිස් ප්‍රතිශක්තීකරණයට පහරදීමට මැලේරියා පරපෝෂිතයා සතුව ඇති ඉහළ හැකියාව පෙන්වාදෙමිනි.නව එන්නතින් පවා මැලේරියා රෝගීන්ට ආරක්ෂාව ලැබෙන්නේ 40%කින් පමණක් වීමෙන් එය තහවුරුවීම විශේෂත්වයකි.
උපුටාගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)