මිරිදිය මත්ස්‍ය හා ශාක ගැන රතු දත්ත ලැයිස්තුව සකස් කර අවසන්
මෙරට මිරිදිය මසුන් හා ශාක පිළිබඳ රතු දත්ත ලැයිස්තු දෙක සකස් කර අවසන්.
තවත් රතු දත්ත ලැයිස්තු 11 ක් සකස් කරමින් පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ කොරියා තානාපති සංතුෂ් වූන්ජින් ජියෝන් මහතා හමු වූ අවස්ථාවේදීයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ.
ලබන 6 හා 7 යන දිනයන්හි කොරියාවේ පැවැත්වෙන ජගත් පාරිසරික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි මෙම හමුව පැවැත්වුණේ.
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිසර සුරක්ෂිතතාවට ප්‍රමුඛතාව දෙමින් රතු දත්ත ලැයිස්තු සකස් කිරීම අගය කරන බව තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.
සියලු රතු දත්ත ලැයිස්තු සකස් කර අවසන් කිරීමෙන් අනතුරුව සමස්ත රතු දත්ත පොත ලබන වසරේ මුල් සතියේදී ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.
දැනට සකස් කර ඇති රතු දත්ත ලැයිස්තුව අමාත්‍යවරයා තානාපතිවරයා වෙත මෙහිදී පිළිගැන්වූවා.
උපුටා ගැනීම: විජය පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)