මුදල් ප්‍රශ්න ඇතත් නියමිත පරිදි මහපොළ දෙනවා…
භාණ්ඩාගාරයට මුදල් ප්‍රශ්නයක් පැවතිය ද විශ්වවිද්‍යාල සිසුන්ට නියමිත දිනට මහපොළ ශිෂ්‍යාධාරය ලබාදීමට රජය සෑම පියවරක්ම ගෙන තිබෙන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව සඳහන් කළේ ඉකුත්දා(13) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා පෙන්වා දුන්නේ කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගත තත්වය අවස්ථාවේදී පාසල් පද්ධතිය මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය ද සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කළ නමුත් විවිධ කැබිනට් පත්‍රිකා සහ ඊට පසුව විශ්වවිද්‍යාල කොමිසම් සභාවත් විශ්වවිද්‍යාල සියල්ලගේ උපකුලපතිවරුනුත් සමඟ දීර්ඝ සාකච්ඡා, සම්මන්ත්රණ සමඟින් ඔන්ලයින් ක්‍රමයට ඩිජටල් තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් ක්‍රියාවලිය කරගෙන ගිය බවයි.
ඒ අතරතුර තමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කළ බව කී ඒ මහතා ශිෂ්‍යයන් හැටදහසකට පමණ විශාල ප්‍රමාණයකට මහපොළ ශිෂ්‍යාධාරය ගෙවීමේදී විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දුන් බව ද සිසුවකුට මසකට රුපියල් පන්දහසක මුදලක් මහපොළ ශිෂ්‍යාධාරය ලෙස ලබාදෙන විට ඉන් සියයට 51ක් පමණක් මහපොළ අරමුදලින් ලැබෙන බව ද කීවේය.
4%9ක් භාණ්ඩාගාරයෙන් බව පෙන්වාදුන් ඇමැතිවරයා එම මුදල් ලබාදෙන්නේ සංවර්ධන ලොතරැයියෙන් බව ද එම ලොතරැයි අලෙවිය සම්පූර්ණයෙන් නතරවූවිට ඒ මුදල ලබාගැනීමට භාණ්ඩාගාරයට ප්‍රශ්නයක් වූ බව ද පෙන්වා දුන්නේය.
නියමිත දිනයට අවශ්‍ය මුදල් කෙසේ හෝ දරුවන්ගේ බැංකු ගිණුම්වලට යෙදවීම සඳහා කළහැකි උපරිම දේ මහාපොළ භාරකාර අරමුදල හා උසස් අධ්‍යාපන අමත්‍යාංශය විසින් ඉටුකර තිබෙන බව ද බැරිම තත්වයට පත්වු පසුව කැබිනට් පත්‍රිකාව මඟින් විශේෂ අනුමැතියක් ලබාගත් බව ද කීවේය.
ඒ අනුව ඉදිරියටත් මහපොළ ලබාදෙන බව ද ඇමැතිවරයා කීවේය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)