මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය අද

ඉස්ලාමීය ආගමික නායක නබි නායක තුමාගේ ජන්ම දිනය අද ට (19) යෙදී තිබේ.
අභිනතුමියට හා අබ්දුල්ලා යන අයට දාව මොහොමඩ් හෙවත් නබිනායකතුමා ක්‍රිස්තු වර්ෂ 571 දී උපත ලැබීය.
ඒ සෞදි අරාබියේ මක්කම නගරයේදීය.
මේ අතර මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
එහිදී ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ අවංක මිනිසුන් ඉදිරිපිට දෙවියන් නිරාවරණය වන අතර එබඳු පුද්ගලයින් දෙවියන් විසින් සුදුසු උස් ස්ථාන කරා ඔසවා තබන බව නබිතුමාගේ ජීවිතය සහ දර්ශනය පිළිබඳ අධ්‍යනය කිරීමෙන් අවබෝධ කරගත හැකි බව.
එතුමන්ගේ ජීවිතය පුරා පවත්වාගෙන ගිය මානුෂීය දර්ශනය අන් කවරදාටත් වඩා අද සමාජය සුබ සිද්ධියට යොදා ගැනීම කාලෝචිත බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙයි.
එමෙන්ම සුභාෂිංශන පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, මෙවැනි දුෂ්කර කාලවකවානුවක් ජය ගැනීම සඳහා නබිනායක තුමාගේ ජීවිත ආදර්ශය තම ජීවිතයට සමීප කර ගන්නා ලෙසය.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)