මෙම වසරේ විෂය නිර්දේශ ආවරණය වී නොමැති පාසල්වලට උපදෙස්…
මෙම වර්ෂයට නියමිත විෂය නිර්දේශ ආවරණය වී නොමැතිනම් ලබන වසරේ මුල් මාස දෙක ඇතුළත පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් සකස්කර එම කොටස් ආවරණය කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් බලධාරීන්ට සහ විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.
මෙම වර්ෂයේ තුන්වන පාසල් වාරය ඊයේ (23) දිනෙන් අවසන් වූ අතර ලබන වසර සඳහා වන පාසල් වාරය ජනවාරි මස 11 වනදා ආරම්භ වනු ඇත.
කෙසේ වෙතත් බස්නාහිර පළාතේ සහ හුදකලා කරඇති පොලිස් බලප්‍රදේශවල පිහිටි පාසල් එදිනට විවෘත නොකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
නව පාසල් වාරය ආරම්භ කෙරෙන සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කෙරෙනු ඇත.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)