යොහානිට අලුත් තනතුරක්…

” මැණිකේ මගේ හිතේ ” ගීතය ප්‍රතිගායනා කිරීමෙන් ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වයට පත් වූ නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා වන සන්නාම තානාපතිවරියක ලෙස පත් කිරීමට සංචාරක අමාත්‍යාංශ්‍ය පියවර ගෙන ඇත.
සන්නාම තානාපතිවරියක ලෙස ගිවිසුම්ගත වීමට ගායික යොහානි ද සිල්වා මෙනවිය එකගත්වය පළ කර ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ අනුමැති ලබා ගැනීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (05) අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් මගින් දැනුම් දුන් බවද සංචාරක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා වන සන්නාම තානාපතිවරියක් වශයෙන් ඇය පළමුවෙන්ම ඩුබායි හි ආරම්භ වී ඇති ‘වර්ල්ඩ් එක්සපෝ-2020 ” ප්‍රදර්ශනයේ සමාගමී අංගයක් වන ගෝල්බල් ෆෙස්ටිවල් හී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ” ශ්‍රී ලංකා සංචාරක ගීතය ” ලබන ජනවාරි 03 වැනිදා එළි දක්වන බවද එම අමාත්‍යාංශ නිලධාරියා කියා සිටියේය.
තවද එම ශ්‍රී ලංකා ජාතික දින සැමරුම් විශේෂාංගයේ කොටසක් ලෙස යොහානි සමග සංස්තෘතික විවිධ ප්රසංගයක්ද ඩුබායි එක්ස්පෝ හීදී පැවත්වන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී
මෙම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යොහනී කළ එම ගීත නිර්මාණය වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ප්රදානය කිරීමටද නියමිත බව පැවසේ.
තවද යොහානි විසින් පද රචනය කර ගායනා කරන ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉස්මතු කරන සංගීත රූප රචනාවක් ද ඉදිරියේදී සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් එළි දැක්වීමට නියමිතව ඇත.
යොහානි ද සිල්වා ” මැණිකේ මගේ හිතේ ” ගීතය ප්‍රතිගායනා කරමින් නිකුත් කළ වීඩියෝව මේ වන යූ ටියුබ් ඔස්සේ කෝටි 14 ක පිරිසක් නරඹා ඇති ගීතයක් වේ.
උපුටා ගැනීම: ලංකාදීප
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)