රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු 15,000ක්…
දිවයින පුරා පාසල්වල ගුරු පුරප්පාඩු 15,000 ක් පමණ පවතින බව ලංකා ගුරු සංගමය පවසයි.
එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, පාසල් ළමුන් සහ ස්ථාන මාරුවීම් අපේක්ෂාවෙන් සිටින ගුරුවරුන් ද මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කරන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා, “මේ පුරප්පාඩු නිසා පැහැදිලිවම ළමයට ගුරුවරයෙක් නෑ වගේම, ගුරු මාරු අපේක්ෂා කරන දුෂ්කර සේවාවල යෙදෙන ගුරුවරුන්ට අනුප්‍රාප්තිකයෙක් නොමැතිකමින් ස්ථාන මාරු නිර්දේශ වී තිබුණත් ඔවුන්ට ස්ථානමාරු වීම් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. මෙය බරපතළ අර්බුදකාරී තත්ත්වයක්. දැනටමත් ජාතික අධ්‍යාපන පීඨ 19 න් ගුරුවරු 5000කට ආසන්න ප්‍රමාණයක් එළියට ඇවිත් තියෙනවා. ඒ අය පාඨමාලා අවසන් කර තිබුණත් ඔවුන්ට පත්වීම් දීලා නැහැ. පාසල් උපදේශන සඳහා ගුරුවරු බඳවා ගන්න සම්මුඛ පරීක්ෂණ තියලා විභාග තියලා සුදානම් කරලා නාමලේඛන තියලා 2000කට වැඩි පිරිසක් ඉන්නවා. ඒ අයටත් පත්වීම් දීලා නැහැ. ඒ නිසා රජයෙන් ඉල්ලනවා වහාම ගුරු පුරප්පාඩු පියවන්න කියලා.“ යනුවෙන් පැවසීය.
උපුටා ගැනීම: අද දෙරණ වෙබ් අඩවියෙන්
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)